Samagi Jana Balawegaya MP Harin Fernando today responded to President Gotabaya Rajapaksa’s appointment of a 13-member Presidential Task Force for ‘One Country, One Law’.
The Presidential Task Force is headed by Ven. Galagodaaththe Gnanasara Thero of the Bodu Bala Sena organization.
Issuing a statement, MP Fernando said seeing the team appointed for such a task has given everyone chills down their spines.
“Not to forget that they got reminded of the base of their mandate i.e., “One Country – One Law” after a whole of two years, before actually taking steps to implement it,” he pointed out.
MP Fernando further said the leadership of such a task force has been given to someone, mentioning whose name is sufficient to be blocked from social media platforms.
“We can correctly predict and assume the kind of one country and one law that will be built with the leadership given by a person known for his quarrelsome nature, and who is not known for speaking out on unity among communities, and being cordial with fellow ethnic groups,” he added.
Full statement:
(NewsWire)
එක රටක් – එක අමුතු නිතියක් !
ලංකාව නිදහස ගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර්,මැලේ එක පොකුරකට එක්ව සිදු කළ නිදහස් සටන නිසයි.එහෙම නිදහස අරගෙන දශක හතකට වැඩි කලක් ගිහින් තිබුණත් අපි තවමත් ජාතීන් අතර සමගිය ගැන සිහින දකිනවා.අවස්ථාවාදී දේශපාලන නායකයෝ විටින්විට ගත්ත අදූරදර්ශී අවස්ථාවාදී තීන්දු තීරණ නිසා මේ පුංචි රටේ ලේ ගංගාවල් ගලාගෙන ගියපු වාර අනන්තයි.
සමහර නායකයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් අවස්ථාවාදී තීන්දු ගත්තා.සමහර නායකයෝ තමන් තුළ තියෙන ජාතිවාදී ගති ලක්ෂණ නිසාම අවස්ථාවාදී තීන්දු ගත්තා.සමහර නායකයෝ තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අවස්ථාවාදී තීන්දු ගත්තා.සමහර නායකයෝ තමන් තුළ ඇති මුග්ධ,මෝඩ උද්දච්චකමනිසා අවස්ථාවාදී තීන්දු ගත්තා.
ඒ හැම තීන්දුවකින් ම රටක් හැටියට අපි ජීවිත දහස් ගාණකින් වන්දි ගෙවන තැනට පත්වුණා.
නිදහස ගත්ත දවසේ ඉඳලා අද දවස දක්වාම අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට ජීවත්වෙන්න බැරි වෙලා තියනව.
වෛවර්ණ මිනිස්සුන්ගේ එක එක සංස්කෘතීන්ට ගරු කරමින් ඔවුන්ගේ අනන්‍යතාවයට ඉඩ දෙමින් එකම රටක් ඇතුලේ ශ්‍රී ලාංකිකයෝ විදිහට හිට ගන්න අපිට තාමත් බැරිවෙලා තියෙනවා.
රටක නායකයෙක් කියලා කියන්නේ හැමෝගෙම හදවත ඇතුලේ තමන්ගේ නායකයා කියලා හෘදසාක්ෂියට එකඟව හිතන්න පුළුවන් නායකයෙක්ට.එහෙම නායකයෙක් ගනු ලබන තීන්දු තීරණ අතීතයට වර්තමානයට වගේම අනාගතයටත් සාධාරණය ඉෂ්ට කරන්න ඕන.
නමුත් දවසින් දවස ඔප්පු වෙමින් තිබෙන්නේ කුමක්ද?.
එක රටක් එක නීතියක් ගොඩනැගීම පෙනුමෙන් ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය සාධක බලකායක් බිහි කරලා තියෙනවා.
තමන්ගේ ජනවරමේ පදනම වෙච්ච එක රටක් එක නීතියක් මතක් වෙන්න අවුරුදු දෙකක් ගත කරපු අය ඒ වැඩේට පත්කරලා තියෙන කණ්ඩායම ඇග හිරිවැටෙන සයිස්.
සමාජ මාධ්‍ය ජාලයක නම සඳහන් කළත් ඒ ගිණුම බ්ලොක් වෙන මට්ටමේ චරිතයක් එහි මුල් පුටුව හොබවනවා.ජාතීන් අතර එකමුතුව ගැන,ජාතීන් අතර සුහදත්වය ගැන කතා කරනවා වෙනුවට කලහකාරීව හැසිරෙන, වියරුවෙන් කටයුතු කරන චරිත හරහා ගොඩ නඟන්න යන, එක රට සහ එක නීතිය කුමක්දැයි අපිට අනුමාන කළ හැකියි.
ඕනෑම පුද්ගලයෙක් තීන්දු තීරණ ගන්නේ තමන්ගේ බුද්ධි මට්ටමේ පරිමාණයට අනුව යි.නමුත් එහෙම ගන්න තීන්දුවක් හෝ තීරණයක් තුළින් රටක ඉරණම තීන්දු වෙනවා නම් ඒ ඉදිරිපිට දෑත පොරවාගෙන ඉන්න පුරවැසියෙකුට පුළුවන් කමක් නෑ.
“යමෙක් කතා කරන විටත් ,ක්‍රියාවෙන් වැඩ කරන විටත් ඔහුගේ අභ්‍යන්තර ස්වභාවය එළියට එන බවට” කතාවක් තිබෙනවා.
සළුපිළි අන්දවා මවා පෑ දැවැන්ත ප්‍රතිරූපයක් ඇස් පනාපිට කඩාගෙන වැටෙමින් මේ වෙනකොටත් එහි සැබෑ නිරුවත රටම දැකගෙන තිබෙනවා.
“මේ රට එකම ධජයක් යටතේ එක්සත් විය යුතුයි.සිංහලයින් සමග අපට එකට එකතුව සතුටින් සමාදානයෙන් ජීවත් විය හැකියි”
කියලා එදා පොන්නම්බලම් රාමනාදන් ලා, පොන්නම්බලම් අරුණාචලම් ලා ,සිද්ධිය ලෙබ්බෙලා,අරුමුග නාවලර් ලා,ටීබී ජයාලා පුදුමාකාර විශ්වාසයකින් ලෝකයට හඬ ගාලා කීවා.
නමුත් අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ ලේ කඳුළු හලමින් ජාතිවාදී තුවාලවලින් රිඳුම් දෙමින් අපි ව්‍යාජව “එකම රටක්” කියලා පුරසාරම් කතා කරනවා.
මේ ආණ්ඩුව පැමිණි මොහොතේ සිට මේ දක්වා ගනු ලැබූ අන්තනෝමතික විකාර සහගත තීන්දු තීරණ නිසා රටක් හැටියට බොහෝ පීඩාවන්ට අපි මුහුණ දුන්නා *.ආර්ථිකය කඩාගෙන වැටුනොත් ඒක ගොඩගන්න පුළුවන්.සෞඛ්‍ය කඩාගෙන වැටුනොත් ඒක යථා තත්වයට ගන්න පුලුවන්.*
එහෙත් ,සංහිඳියාව,ජාතීන් අතර විශ්වාසය සහ සුහදත්වය කඩාගෙන වැටුනොත් ඒ රට නැවත ගොඩ ගන්නේ කොහොමද කියලා ස’ අපිට කියලා දෙනවනම් ඒ පාඩම අහගෙන ඉන්න අපි ලෑස්තියි.
– හරින් ප්‍රනාන්දු
One Country, One Crazy Law
Ceylon gained its independence because of the freedom struggle of all ethnic groups, including Sinhalese, Tamils, Muslims, Burghers and Malays. Despite achieving independence more than seven decades ago through a united front, we still dream of unity between ethnicities. There have been bloodbaths aplenty in this little island, due to the immature and opportunistic decisions taken by opportunistic political leaders of this country.
Some so-called leaders took opportunistic decisions, only for the sake of expanding their vote base. Some did so for the inherent racist ideologies they had, while
some of them became opportunistic in order to affirm their power. Some did so because they were foolish, idiotic popinjays.
We, as a country, had to compensate with thousands of invaluable lives because of such decisions.
Ever since we achieved independence, we haven’t been able to live united as Sri Lankans.
We have not been able to stand together as one, while respecting the identities and cultures of our own people.
A leader of the country must be someone who can think and who allows his conscience that he is the leader of everyone of the country. Decisions made by such a leader shall serve justice to the past, present and the future of the country.
Instead, what is being proven day by day is a horrifying truth.
The President has appointed a Presidential Task Force to implement “One Country – One Law”. Seeing the team appointed for such task gives everyone chills down the spine. Not to forget that they got reminded of the base of their mandate i.e., “One Country – One Law” after a whole of two years, before actually taking steps to implement it.
The leadership of such task force has been given to someone, mentioning whose name is sufficient to be blocked from social media platforms. We can correctly predict and assume the kind of one country and one law that will be built with the leadership given by a person known for his quarrelsome nature, and who is not known for speaking out on unity among communities, and being cordial with fellow ethnic groups.
Every person takes decisions based on their level of intelligence. But, if such decision is going to affect the country as a whole, then no citizen shall stay quiet or indifferent about it.
It is said that a person’s true inner self will be revealed when he speaks and through his actions.
The gigantic image made up by vested interests is visibly falling and the entire country is now vouching for its nakedness.
Freedom fighters such as Ponnambalam Ramanathan, Ponnambalam Arunachalam, Siddhi Lebbe, Arumuga Navalar, TB Jayah etc. fiercely told the world that this country shall be united under one flag and that the minority ethnic groups can certainly live in peace and happiness with the Sinhalese.
But still, we continue to boast of a “one country”, despite being wounded and shedding blood and tears due to racist rants and actions.
Ever since this government came into being, we as a country have suffered immensely due to the obnoxious and arbitrary decisions of it.
If the economy falls, it can be revived. If the health sector sees a downfall, that can be repaired. But if/when harmony, trust and cordiality between communities, the country’s fall as a whole is inevitable, and if Sir can teach us that it is not so, we are ready to listen to him.
– Harin Fernando
ஒரே நாடு – ஒரு விசித்திரமான சட்டம்!
சிங்களம், தமிழ், முஸ்லிம், மலாய் என ஒரு பிரிவினரால் நடத்தப்பட்ட சுதந்திரப் போராட்டத்தால் இலங்கை சுதந்திரம் பெற்றது.சுதந்திரம் கிடைத்து ஏழு தசாப்தங்களுக்கு மேலாகியும் நாடுகளுக்கிடையே ஒற்றுமையைக் கனவு காண்கிறோம்.இரத்த ஆறுகள் எண்ணற்ற காலங்கள். நாட்டில் பாய்ந்தது.
சில தலைவர்கள் தங்கள் வாக்குகளை அதிகரிக்க சந்தர்ப்பவாத முடிவுகளை எடுத்தனர்.சில தலைவர்கள் இனவாத குணத்தால் சந்தர்ப்பவாத முடிவுகளை எடுத்தனர்.சில தலைவர்கள் அதிகாரத்தை பலப்படுத்த சந்தர்ப்பவாத முடிவுகளை எடுத்தனர்.சில தலைவர்கள் முட்டாள்தனமான முட்டாள்தனமான ஆணவத்தால் சந்தர்ப்பவாத முடிவுகளை எடுத்தனர்.
அந்த அனைத்து முடிவுகளாலும் ஒரு நாடாகிய நாம் ஆயிரக்கணக்கான உயிர்களைக் கொடுக்க வேண்டிய நிலைக்கு வந்துள்ளோம்.
சுதந்திரம் பெற்ற நாள் முதல் இன்று வரை நாம் இலங்கையர்களாக வாழ முடியவில்லை.
வெவ்வேறு மக்களின் பல்வேறு கலாச்சாரங்களுக்கு மதிப்பளித்து அவர்களின் அடையாளங்களை அனுமதித்து ஒரே நாட்டிற்குள் இலங்கையர்களாக இன்னும் நிற்க முடியவில்லை.
ஒரு நாட்டின் தலைவன் தன் மனசாட்சிப்படி தன் தலைவன் என்று மனதிற்குள் நினைக்கும் தலைவன்.அத்தகைய தலைவர் எடுக்கும் முடிவுகள் கடந்த காலத்திற்கும் நிகழ்காலத்திற்கும் எதிர்காலத்திற்கும் நியாயமாக இருக்க வேண்டும்.
ஆனால் நாளுக்கு நாள் நிரூபித்துக் கொண்டிருப்பது என்ன?
ஒரே நாடு, ஒரே சட்டம் என்ற தோற்றத்துடன் ஜனாதிபதி செயலணியொன்றை ஜனாதிபதி உருவாக்கியுள்ளார்.
ஒரே நாடு, ஒரே சட்டத்தை நினைவுகூர்ந்து இரண்டு வருடங்களைச் செலவிட்டவர்கள் அந்த பணிக்கு நியமிக்கப்பட்ட குழு.
ஒரு சமூக ஊடக வலையமைப்பின் பெயர் குறிப்பிடப்பட்டாலும் கூட, அந்த கணக்கு ஒரு பிளாக்செயின் தன்மையில் முன்னணியில் இருக்கும்.
ஒவ்வொருவரும் அவரவர் அறிவாற்றலுக்கு ஏற்ப முடிவுகளை எடுக்கிறார்கள்.
“பேசினால், சுறுசுறுப்பாக வேலை செய்யும் போது, ஒருவரின் உள்ளார்ந்த குணம் வெளிவரும்” என்று ஒரு பழமொழி உண்டு.
முழு நாடும் ஏற்கனவே ஒரு பெரிய ஆடை அணிந்த ஒரு மனிதனின் கண் முன் விழுவதைப் பார்த்தது.
“இந்த நாடு ஒரே கொடியின் கீழ் ஒன்றுபட வேண்டும். சிங்களவர்களுடன் நிம்மதியாக நாம் மகிழ்ச்சியாக வாழலாம்.”
பொன்னம்பலம் இராமநாதன், பொன்னம்பலம் அருணாச்சலம், சம்பவ லெப்பேல, ஆறுமுக நாவலர், டீ.பி.ஜெயல ஆகியோர் உலகுக்கு அற்புதமான நம்பிக்கையுடன் சொன்னார்கள்.
ஆனால், எழுபது வருடங்களாக இனவெறிக் காயங்களால் இரத்தம் சிந்தி காயப்படுத்திக் கொண்டு, “ஒரே நாடு” என்று பொய்யாகப் பெருமை அடித்துக் கொண்டிருக்கிறோம்.
இந்த அரசாங்கம் ஆரம்பிக்கப்பட்ட காலம் முதல் எடுத்த தன்னிச்சையான அபத்தமான முடிவுகளினால் நாடாகிய நாம் பல இன்னல்களை எதிர்கொண்டுள்ளோம் * பொருளாதாரம் வீழ்ச்சியடைந்தால் மீளலாம்.சுகாதாரம் வீழ்ச்சியடைந்தால் மீளலாம்.*
அப்படியானால், அந்தப் பாடத்தைக் கேட்க நாங்கள் தயாராக இருக்கிறோம்.
– ஹரின் பெர்னாண்டோ